එස්තර්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10


-Reset+

පරිච්ඡේදය 10

1 අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.
2 ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙත් පාර්සියාවෙත් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
3 යුදෙව්වාවූ මොර්දෙකයි අහෂ්වේරොෂ් රජුට දෙවෙනියාව, යුදෙව්වරුන් අතරේ උත්තමයෙක්ව, තමාගේ සහෝදර සමූහයාට ප්‍රිය කෙනෙක්ව සිටියේය; ඔහු තමාගේ සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සමාදානය උදෙසා ක්‍රියාකෙළේය.