ගීතාවලිය

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150


-Reset+

ගීතාවලිය 147

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
2 ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.
3 උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.
4 උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
5 අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.
6 ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.
7 ස්තුති දීමෙන් ස්වාමීන්ට ගී කියව්; වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.
8 උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.
9 උන්වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක.
10 අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. මනුෂ්‍යයෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත.
11 ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
12 එම්බා යෙරුසලම, ස්වාමීන්ට ප්‍රශංසාකරව; සියොන් නගරය, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව.
13 මක්නිසාද උන්වහන්සේ ඔබේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; ඔබ තුළ ඔබේ දරුවන්ට ආශීර්වාද කළසේක.
14 ඔබේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් ඔබ පුරවන සේක.
15 උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක; උන්වහන්සේගේ වචන යුහුව දුවයි.
16 උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක; අලු මෙන් මිඳුණු පිනි විසුරුවනසේක.
17 ස්වකීය හිම කැට කැබෙලි කොට වීසිකරනසේක. උන්වහන්සේගේ ශීත හමුයෙහි සිටින්ට පුළුවන් කාටද?
18 උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
19 උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.
20 උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක. උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔව්හු දැන නොගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.