ගීතාවලිය

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150


-Reset+

ගීතාවලිය 8

1 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස,. ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක.
2 සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
3 ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල;
4 ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?
5 ඔබ ඔහු දෙවියන්වහන්සේට8:5නොහොත්, දේවදූතයන්ට. මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.
6 ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.
7 එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
8 ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.
9 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!