යෙරමියා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52


-Reset+

පරිච්ඡේදය 45

1 යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියූ විට යෙරෙමියා ඔහුට කී වචනයය.
2 එම්බා බාරුක්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට මෙසේ කියනසේක:
3 අහෝ මට දැන් දුක්වේ! ස්වාමීන්වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතුකළසේක; මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැතැයි නුඹ කීයෙහිය.
4 ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.
5 නුඹටම මහත් දේවල් ලබාගන්නට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.