එසකියෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48


-Reset+

පරිච්ඡේදය 15

1 ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2 මනුෂ්‍ය පුත්‍රය, වෙන යම් ලී ජාතියකට නොහොත් වනයේ ගස්වලට වඩා මුද්‍රික අත්තේ ඇති අගය මොකද?
3 යම් වැඩක් කිරීමට එයින් ලී ගන්නෝද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්ට එයින් ඇණයක් සාදාගන්නෝද?
4 බලව, ඒක දර පිණිස ගින්නට දමනු ලැබුවේය. එහි කොන් දෙක ගින්නෙන් දාලාගොස් මැදත් පත්තුවී තිබේ; ඒක යම් වැඩකට සුදුසුද?
5 ඒක සම්පූර්ණව තිබියදීවත් කිසි වැඩකට සුදුසු නොවීය. ඒක ගින්නට දාලාගොස් පත්තුවී තිබියදී සුදුසුවන්නේ කොහොමද? තවත් යම් වැඩකට ගනු ලැබේද?
6 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වනයේ ලී අතරේ මුද්‍රික ලීත් මා විසින් ගින්නට දර පිණිස දී තිබෙන්නාක්මෙන් යෙරුසලමේ වැසියන් දෙන්නෙමි.
7 මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.
8 ඔවුන් ද්‍රෝහිකම්කළ නිසා මම දේශය පාළුවක් කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.