| Refresh |
This website www.divinerevelations.info/documents/bible/sinhala_html_bible/19/50.htm is currently offline. Cloudflare\'s Always Online™ shows a snapshot of this web page from the Internet Archive\'s Wayback Machine. To check for the live version, click Refresh. |
1 දෙවියන්වහන්සේ, ස්වාමීවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
2 අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
3 අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.
4 උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.
5 පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.
6 අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.
7 එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, ඔබේ දෙවියන්වහන්සේය.
8 ඔබේ පූජා ගැන ඔබට තරවටු නොකරන්නෙමි; ඔබේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.
9 ඔබේ ගෙයින් ගොනෙක්වත් ඔබේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.
10 මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.
11 කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.
12 මට බඩගිනි වීනම්, ඔබට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.
13 මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?
14 දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට ඔබේ භාර ඉෂ්ට කරව.
15 තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය.
16 නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම ඔබේ කටට ගැන්මෙන් ඔබට කම් කිම්ද?
17 මක්නිසාද ඔබ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.
18 ඔබ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.
19 ඔබේ කට නපුරට දී තිබේ, ඔබේ දිවද රැවටිලි යොදයි.
20 ඔබ ඉඳගෙන ඔබ සැමගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; ඔබේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.
21 මේවා ඔබ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් ඔබට සමානයයි සිතුයෙහිය. එහෙත් ඔබට තරවටුකරන්නෙමි, ඔබේ ඇස් හමුයෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
22 දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.
23 ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.